කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට

Crime Sri lanka Mada kalapuwa
By Sithumi Jun 21, 2021 05:15 PM GMT
Report

මඩකපුව, සින්නඌරනී ප්‍රදේශයේදී අද (21) පස්වරු 5.10ට පමණ ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ ආරක්‍ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් සිය රාජකාරී ගිනිඅවියෙන් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම කොස්තාපෙලවරයා සහ ටිපර් රථ රියදුරු අතර මීට දින කීපයකට පෙර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඊයේ පස්වරුවේ ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම ත්‍රිරෝද රථය නවතා ටිපර් රථ රියදුරු සමඟ නැවත බහින්බස් වී ඇති බවට තොරතුරු ලැබුණු බව එම උසස් පොලිස් නිලධාරියා කියයි.

බස්හින්බස් වීම අතරතුර සැකකාර කොස්තාපල්වරයා රාජකාරී පිස්තෝලයෙන් ටිපර් රථ රියදුරුගේ හිසට වෙඩි තබා ඇත. සිද්ධියෙන් ටිපර් රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි. වෙඩි තැබීමේ සිද්ධිය සම්යබන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමති බව ද පොලිසිය කියයි. මඩකළපුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now