ජපානයේදී මිය ගිය ශ්‍රි ලාංකික කාන්තාවක් සිහිගන්වමින් තර්ජනාත්මක ලිපියක්

Japan sri lanka forien sri lanka
By Sithumi May 24, 2021 12:44 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යාම සම්බන්ධයෙන් තර්ජනාත්මක ලිපියක් මධ්‍යම ජපානයේ ආගමන මධ්‍යස්ථානයකට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ලිපිය සම්බන්ධයෙන් මැයි 14 වන දින අයිචි ප්‍රාන්තයේ නාගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා. අදාළ නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති එම ලිපියේ සඳහන්ව ඇත්තේ මධ්‍යම ජපානයේ ආගමන මධ්‍යස්ථානයකට හානි සිදු කරන බවයි.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත 2017 දී ජපානයට පැමිණි රත්නායක ලියානගේ විෂ්මා සඳමාලි, වීසා බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව දැන ගැනීමෙන් පසු 2020 අගෝස්තු මාසයේදී නාගෝයා හි පිහිටි ස්ථානයට ගොස් තිබෙනවා.

බඩේ වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ පැමිණිලි කිරීමෙන් පසු ඇය මේ වසරේ මාර්තු 6 වන දින මිය ගොස් තිබෙනවා. 

 සරණාගත ක්‍රමය පිළිබඳ නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ඉල්ලා අස්කර ගැනීමට සහ පිටුවහල් කිරීමට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් රජය ගත් තීරණ හේතුවෙන් අදාළ කාන්තාව මිය ගිය බවට ඇගේ පවුලේ ඥාතීන් චෝදනා කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා


Gallery