නිවසට කඩා පැන පහර දෙන ආයුධ කල්ලිය - දැඩි ලෙස හානි..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Latest Headlines
By Sewvandhi
යාපනය මාණිප්පායි පොලීසිය පවසන්නේ, යාපනය ආනෙයිකොට්ටෙයි ප්රදේශයේ පිහිටි නිවසකට ඊයේ (06) රාත්රියේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවටයි.
නිවැසියන් විසින් පොලීසියට පැමිණිළ කොට ඇත්තේ, අදාල නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණයකරගත් පස් දෙනෙකු තියුණු ආයධ සමගින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලටද බරපතල හානි කොට නිවසේ දොර ජනෙල් වලට හා බඩු බාහිරාදියට හානි කොට පලා ගිය බවටයි.
අදාල පහරදීම සිදු කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පුද්ගලික ආරවුලක් මත පහරදීම සිදු කරන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.