"අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා".. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනා වෙනුවෙන් මම..(VIDEO)

By Piyumika Nov 07, 2024 12:23 PM GMT
Report

වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.

ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ය.

මෙහෙම දේවල් මෙතැන වෙනවා කියල දැනන් හිටියේ නැහැනේ..එකක් ගන්න කොච්චර මහන්සි උනාද..

මෙහෙම දේවල් මෙතැන වෙනවා කියල දැනන් හිටියේ නැහැනේ..එකක් ගන්න කොච්චර මහන්සි උනාද..

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

"අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා. ඊයේ නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා.

මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනා වෙනුවෙන් මම පැමිණිල්ලක් දැම්මා.

මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරිඳට විශාල පීඩනයක් එල්ල කළා."