මෙහෙම දේවල් මෙතැන වෙනවා කියල දැනන් හිටියේ නැහැනේ..එකක් ගන්න කොච්චර මහන්සි උනාද..

Sri Lanka Police Polonnaruwa Sri Lanka Government Of Sri Lanka
By Piyumika Nov 07, 2024 11:39 AM GMT
Piyumika

Piyumika

Report

වසර පහක කාලයක් තිස්සේ නිවසක් තුළ ව්‍යාජ ලෙස ආදායම් බලපත්‍ර, ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර, රියදුරු බලපත්‍ර, විභාග සහතික ඇතුළු තවත් වටිනා සහතික පරිගණක ඇසුරින් කූඨ ලෙස සකස් කරමින් සිටි සැකකරුවෙකු පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේදි කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත ඊයේ (06) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ප්‍රතිවාදී කමලා හැරිස් ගෙන් සුබ පැතුම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ප්‍රතිවාදී කමලා හැරිස් ගෙන් සුබ පැතුම්

සැකකරු සතුව තිබූ පරිගණකයක්, කූට ලෙස සකස් කර ඇති සහතික පත් සියයකට වැඩි ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා සඳහන් කළේය.

සැකකරු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික කූඨ ලෙස සකස් කරමින් රුපියල් 15,000 ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මීට අමතරව ඔහු විසින් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව හා අත්සන් සහිත ලේඛනයක් කූට ලෙස සකස් කර තිබිය දී පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව සකස් කොට, එම මුද්‍රාව ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර වලට තබමින් අත්සන යොදා රුපියල් 20,000 බැගින් ලබාදී ඇති බවද හෙළි වී තිබේ.

ශාරුක් ඛාන් ගැන ඇහෙන බය හිතෙන කතාව..වහාම ආරක්ෂාව වැඩි කරයි..

ශාරුක් ඛාන් ගැන ඇහෙන බය හිතෙන කතාව..වහාම ආරක්ෂාව වැඩි කරයි..

තවද රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන ලද ලේඛන රැසක් කූඨ ලෙස පරිගණක ඇසුරින් සකස්කොට විවිධ මිල ගණන් වලට ප්‍රදේශයේ සහ පිටපළාත්වල අයට ලබාදී ඇති බවට පරීක්‍ෂණවලින් අනාවරණ වී ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පශු වෛද්‍ය කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය, යන ආයතන වලින් නිකුත් කරන ලද ලේඛන කූට ලෙස සකස් කරමින් ඔහු වසර පහක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවද මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පාළු වත්තකින් නිරුවත් කාන්තා මළ සිරුරක් හමුවෙයි ...

පාළු වත්තකින් නිරුවත් කාන්තා මළ සිරුරක් හමුවෙයි ...

කූඨ ලේඛන සහ ඒවා සැකසීමට යොදාගත් උපකරණ මෙන්ම අත් අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ, පොලිස් පරීක්ෂක ඒ.ටී බණ්ඩාර, පොලිස් සැරයන් 42229 රංග, 71750 චින්තක,34968 නිශ්ශංක, යන පොලිස් නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකළහ.

මෙහෙම දේවල් මෙතැන වෙනවා කියල දැනන් හිටියේ නැහැනේ..එකක් ගන්න කොච්චර මහන්සි උනාද.. | A Person Who Gave Fake Government Certificates

මෙහෙම දේවල් මෙතැන වෙනවා කියල දැනන් හිටියේ නැහැනේ..එකක් ගන්න කොච්චර මහන්සි උනාද.. | A Person Who Gave Fake Government Certificates

ReeCha