බහින්බස්වීමක් දුරදිග යයි - 14 හැවිරිදි සහෝදරයාගෙන් වැඩිමහල් සහෝදරයාට මන්න පහරක්.

By krishani Feb 08, 2023 03:08 AM GMT
Report

ඊයේ (07) දහවල් කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා නගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇත.

ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාව බැලීමට රෝහලට ගොස් සිටිය දී අදාළ ආරවුල ඇතිව ඇති අතර එහිදී බහින්බස්වීමක් දුරදිග ගොස් ඇත.

ඉන්පසු බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී ඇති අතර පහරකෑමෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join