පූසාරීවරයෙකුව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කරලා - නිවසින් රත්රන් සහ මුදලුත් සොරකම් කර පලා ගිහින්..
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
ඊයේ (29), මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කෝවිලක පූසාරීවරයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.
ඒ අතර, ඔහුගේ නිවසින් රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා ස්වර්ණාභරණ හා රුපියල් ලක්ෂයක මුදලක් මංකොල්ල කා තිබෙනවා.
අප්පාදුරෙයි වේලායුදම් නමැති 69 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
ඝාතනය සිදුවන අවස්ථාවේදී පූසරිවරයාගේ බිරිද හා බීරිදගේ සහෝදරයෙකු නිවසේ සිට ඇති අතර මංකොල්ලකරුවන් ඔවුන් දෙදෙනාව බැඳ දමා පූසාරීවරයා ලවාම නිවසේ ස්වර්ණාභරණ සොයා ගනිමින් ඔහුව මරාදමා පලා ගොස් ඇත.
සිද්ධිය පසුව එහි ගිය මුලතිව් පොලිසිය බැද දමා සිටි පුද්ගලයින් දෙදෙනා නිදහස් කොට මුලතිව් අධිකරණයට තොරතුරු වාර්තා කර තිබෙනවා.
මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |