දෙමස්සිනාලාගේ දුරදිග ගිය ආරවුලෙන් එක් අයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Crime
By krishani
ඊයේ (29) පස්වරුවේ, හසලක අඹගහපැලැස්ස ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයක් සිදු වී තිබෙනවා.
ඒ පුද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ය.
මරණකරුගේ සහෝදරියගේ පුරුෂයා විසින් පිහියකින් ඇන මෙම ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.
අඹගහපැලැස්ස පාසල අසල මාර්ගයේ දී පුද්ගලයෙකු වැටී සිටින බවට හසලක පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානයට පැමිණෙන විටත් අදාල පුද්ගලයා මියගොස් තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් පිහිය ද පොලිසිය විසින් සිය බාරයට ගෙන ඇත.
මේ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |