ගම්පහ රත් වෙලාම ගිය.. ඇසිල්ලකින් රෑ යාමේ පත්තු වෙලා ගිය වෙඩිල්ල..
අද (08) රාත්‍රියේ ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු ව තිබෙනවා.
ඒ බව පොලීසිය සඳහන් කළේ ය.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.
එහිදී, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත්, මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
You May Like This Video👇
.