දුරදිග ගිය ඉඩම් ආරවුලෙන් අමානුෂික ඝාතනයක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 18, 2023 02:09 AM GMT
krishani

krishani

Report

ඊයේ (17) අම්බලන්තොට - මාමඩල ප්‍රදේශයේ දී උදැල්ලකින්, යකඩ පොල්ලකින් සහ සවලකින් පහර දීමක් හේතුවෙන් තුවාල සහිතව අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇත. 

මෙසේ මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මිය ගිය පුද්ගලයාගේ සහෝදරියගේ දරුවන් සමඟ ඉඩමේ වැටක් සම්බන්ධව ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කරයි.

ReeCha