මෙරට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නම ගෑවුණු මහා මංකොල්ලය...සිදුවූ හැටි මෙන්න.
කැලෑ මහත්තුරුන්ගෙත් නොමද සහයෙන් නිදන් ගල හාරන්න ලක්ෂ 20ක් වියදම් කරලා ලෝක පූජිත ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නැගනියගේ සැමියා විසින් හබරණ රක්ෂිතයේ නිධානයක් හාරමින් සිටියදි පොලිස් විශේෂ කාර්ය බළකා කන්තලේ කඳවුරේ නිලධාරීන් විසින් පෙරේදා (1 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තවත් හයදෙනකු සමග එක්වී මෙම නිදන් හෑරීම සිදු කර ඇති අතර නිදන් කොල්ලයේ මහ මොළ කරු ලෙස ඔහු හඳුනා ගෙන ඇත.
සැකකරු ශ්‍රී ලංකා එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල හිටපු අග්‍රගන්‍ය පිතිකරුවෙකු ගේ මස්සිනා බව කියයි.
මෙහිදී නිධන් හෑරීමට රැගෙන ආ ඇමෝනියා නයිට්‍රේට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පොළව තුළ ඇති දෑ සොයන ස්කැනර් යන්ත්‍ර ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහාය මැද හබරණ රක්ෂිතයේ මාස දෙකක් තිස්සේ මෙම පිරිස නිධන් හෑරීමේ නිරතව සිට ඇත.
මෙම පිරිස ඇළ මාර්ගයක් තුළ වූ ‘රෑන’ ලකුණු සටහන් කර තිබූ නිධන් ගලක් ඇමෝනියා නයිට්‍රේට් දමා ගල්බෝර මගින් පුපුරවා හැර ඇති බවද හෙළිවී තිබේ.
වැටලීම කරන විටත් නිධානය සොයා කළුගලින් යටට අඩි 38ක් හාරා ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.
පෙර රජ කල නිධානයක් මෙහි ඇති බවත් එහි මැණික් ගල් සොයා මෙම කැණීම් කර ඇති බවත් හෙළිව තිබේ.
මාස දෙකක් තිස්සේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහාය මැද මෙම නිධානය හෑරීම කර ගෙන ගොස් තිබේ.
නිධානය හෑරීමට මෙම ප්‍රදේශයට කණ්ඩායමක් එන බව කන්තලේ විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්.එස්. ඉබ්‍රාහිම්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
මෙම නිධානය ගැනීම සඳහා මේවනවිට මාස දෙකක කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වියදම් කර ඇති බව ප්‍රධාන සැකකරු පවසා තිබේ.
කොටන තුවක්කුවක්, වෙඩි බෙහෙත්, ජෙනරේටර්, වතුර මෝටර්, ඩ්‍රිල් යන්ත්‍ර ඇතුළු අත්අඩංගුවට ගත් උපකරණ සමග සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මින්නේරිය පොලිසියට භාරදී ඇත.
සැකකරුවන් මින්නේරිය, හෙට්ටිපොළ, නාත්තන්ඩිය ප්‍රදේශවල අය වෙති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
