ක්‍රීඩකයකුට covid හේතුවෙන් අද ක්‍රිකට් තරගය කල් යයි

Sri lanka indea T 20
By Sithumi Jul 27, 2021 10:48 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගය එක් දිනකින් කල් දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ, සංචාරක ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීම හේතුවෙනි.

එසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා බව විදෙස් මාධ්‍ය පවසයි. 

 ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 

 ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා අද සවස නැවත වරක් PCR පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.