අධික උෂ්ණත්වයෙන් ගැබිනි මව්වරුන්ට සහ බිළිඳුන්ට දැඩි තර්ජනයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රතු එළියක්

By Kanchana Oct 05, 2026 08:11 AM GMT
Report

අධික උෂ්ණත්වය හේතුවෙන් ගර්භණී මව්වරුන් සහ ඔවුන්ගේ අලුත උපන් බිළිඳුන් වැඩි අවදානමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණික කටයුතු පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටියල් (Simon Stiell) අනතුරු ඇඟවීමට නියමිතය.

ෆීජිහි නාඩි නගරයේ පැවැත්වෙන ‘ප්‍රී-කොප්’ (Pre-COP) සමුළුව අමතමින් ස්ටියල් මේ බව ප්‍රකාශ කිරීමට නියමිත අතර, එහිදී නව සමීක්ෂණයක ප්‍රතිඵලද ඉදිරිපත් කරනු ඇත. මහාද්වීප පහක් පුරා සිදු කළ එම සමීක්ෂණයට සහභාගී වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් පසුගිය වසර පහ තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ සෞඛ්‍ය සංකූලතා දැක ඇති බව සඳහන් වේ.

“උෂ්ණත්වය ඉහළ යන විට ගර්භණී සමයේ ඇති අවදානමද ඉහළ යනවා,” යනුවෙන් ස්ටියල් පැවසීමට නියමිතය. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අධික උෂ්ණත්වය නොමේරූ දරු උපත්, මළ දරු උපත්, අඩු උපත් බර සහ මව්වරුන්ගේ සෞඛ්‍ය සංකූලතා සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වෙමින් පවතින බවද ඔහු පෙන්වා  දී  ඇත.

“අධික උෂ්ණත්වය තවදුරටත් උග්‍ර වීමත් සමඟ ගර්භණීභාවය සහ දරු උපත් ගෝලීය දේශගුණික අර්බුදයේ නව අවදානම් කලාපයක් බවට පත්වෙමින් තිබෙනවා.

එය මාරාන්තික ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්ත්වයක්,” යනුවෙන්ද ස්ටියල් සඳහන් කර තිබේ

එම අවදානම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන දුක් වේදනා, අසමානතාව සහ අසාධාරණය තවදුරටත් උග්‍ර කරන තත්ත්වයක් බවට පත් නොවිය යුතු බවද ඔහු අවධාරණය කරනු ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් අන්තවාදී කාලගුණික සිදුවීම් වඩාත් දරුණු වන අතර, වාර්තාගත ඉහළ උෂ්ණත්වයන් නිතර වාර්තා වීමටද එය හේතු වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

යුරෝපා සංගමයේ ‘කොපර්නිකස්’ දේශගුණික නිරීක්ෂණාගාරයේ දත්ත ඇසුරින් AFP සිදු කළ විශ්ලේෂණයකට අනුව, බටහිර යුරෝපයේ සිට සහෙල් කලාපය සහ මධ්‍යම ඇමරිකාව දක්වා රටවල් 33ක් පමණ මෙම වසරේ වාර්තාගත උණුසුම්ම ජූලි මාසය අත්විඳ තිබේ.

‘වෙල්කම්’ (Wellcome) පුණ්‍යායතනය විසින් සිදු කළ මෙම සමීක්ෂණයට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ සිම්බාබ්වේ යන රටවල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් 1,000 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මව්වරුන් සහ බිළිඳුන් වැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව ‘වෙල්කම්’ ආයතනයේ සභාපතිනිය සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනිය වන ජූලියා ගිලාඩ් ප්‍රකාශ කළාය

. “අධික උෂ්ණත්වය නොපෙනෙන ඝාතකයෙක්. එහෙත් ගර්භණී කාන්තාවන් නොපෙනී සිටිය යුතු නැහැ. අවශ්‍ය සාක්ෂි සහ විසඳුම් නායකයන් සතුව තිබෙනවා.දැන් ඔවුන් ක්‍රියාත්මක විය යුතුයි,” යනුවෙන් ඇය පැවසුවාය.

සමීක්ෂණයට සහභාගී වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් අධික උෂ්ණත්වයට සම්බන්ධ බව තමන් විශ්වාස කරන අඩු උපත් බර හෝ සීමිත වර්ධනය, ආහාර ගැනීමේ දුෂ්කරතා, විජලනය සහ තාපය ආශ්‍රිත රෝගාබාධ සහිත අවස්ථා දැක ඇති බව සඳහන් කර තිබේ.

ගැබ් ගැනීම බලාපොරොත්තුවේ කාලයක් විය යුතු නමුත්, දේශගුණික බලපෑම් හේතුවෙන් දෛනික ජීවිතය අවදානමට ලක්වීමත් සමඟ එය මිලියන ගණනකට කාංසාවේ කාලයක් බවට පත්වෙමින් ඇති බව ස්ටියල්   ප්‍රකාශ කර තිබේ

ෆීජිහි පැවැත්වෙන මෙම පූර්ව-COP සමුළුව සහ දුරස්ථ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටුවාලුහි දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම, දේශගුණික අර්බුදයේ පෙරමුණේ සිටින ජනතාවගේ අත්දැකීම් ඉස්මතු කිරීමට පැසිෆික් නායකයන් විසින් භාවිත කරනු ලබන අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම සමුළුව ලබන මාසයේ තුර්කියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ගෝලීය දේශගුණික සමුළුව වන COP31 සඳහා පූර්වගාමී වැඩසටහනක් ලෙසද සැලකේ.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

අභියාචනාධිකරණයෙන් හදිසි නියෝගයක් - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කරන්නැයි දැනුම්දෙයි

අභියාචනාධිකරණයෙන් හදිසි නියෝගයක් - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කරන්නැයි දැනුම්දෙයි