දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්
එළැඹෙන 2027 වසරේ සිට මෙරට පෙර පාසල් පද්ධතිය සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.
අද (05) පැවැති වැඩසටහනකට එක්වෙමින් ලේකම්වරයා සඳහන් කළේ, ඒ අනුව එළැඹෙන වසරේ සිට දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා එක් පොදු විෂය මාලාවක් යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමත් සමඟ දැනට විවිධ පෙර පාසල් විසින් අත්තනෝමතික ලෙස භාවිත කරනු ලබන විවිධාකාර වූ අධ්‍යාපන ක්‍රමවේදයන් එළැඹෙන වසරේ සිට ඉගැන්වීමට ඉඩ නොලැබෙන බව ද නාලක කළුවැව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.