උඩරට මා‍ර්ගයේ දුම්රිය ධාවනයට පෙර NBRO අවසර ලබාගෙන නැහැ - දුම්රියත් පීලී පනියි

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිසි අවසරයකින් තොරව ප්‍රතිසංස්කරණවලින් පසු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නැවත ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ දුම්රිය ධාවනය පසුගිය ඔක්තෝබර් 02 වනදා නැවත ආරම්භ කෙරිණි.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

කෙසේ වෙතත්, ධාවන කටයුතු ඇරඹී දින දෙකක් ඇතුළත, අද (05) අලුයම 4.35ට පමණ පේරාදෙණියෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රියම පීලිපැනීමට ලක්ව තිබේ.

ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සහ ගල් පතිත වී තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර, පතිත වූ පස් සහ ගල් රියදුරුට නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් දුම්රිය එන්ජිම සහ මැදිරියක් පීලිපැන ඇත.

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට

අනතුරෙන් පසු මගීන් අතුරු මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ, එතැන් සිට බස්රථවලින් රඹුක්කනට ළඟා වූ අතර, ඔවුන් සඳහා රඹුක්කන සිට කොළඹ දක්වා ගමන් කිරීමට අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.