රැකියා විරහිත මේ උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමට නව සැලසුමක්

Report

නැවත සංවිධානය කළ පුවත් ලිපිය අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට නව ගුරු ව්‍යවස්ථා සංශෝධනයක් ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී මතුව ඇති නීතිමය හා පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව ගුරු සේවා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය පියවර ගනිමින් සිටියි.

ඒ සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පති සංගම් නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍‍යාංශයේදී පැවැත්විණි.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුකූලව මෙම සංශෝධන සිදුකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.

හෙට අලුයම 1.00 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

හෙට අලුයම 1.00 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මීට අමතරව, ගුරු පුහුණුව, විද්‍යාපීඨ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සේවාවන් හයක වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා "අධ්‍යාපන වෘත්තික සභාවක්" පිහිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය කරුණු පැහැදිලි කළාය.