ලංකාවේ බදු අඩු කිරීමට සූදානමක් - 2027 අයවැය හරහා ලැබෙන්න යන දේ මෙන්න
2027 අයවැය හරහා සැලකිය යුතු බදු අඩු කිරීම් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
2027 අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය,
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති අතර මූල්‍ය විනය පවත්වාගෙන යාමට ද හැකි වී තිබේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන්ගේ යහපත් සහයෝගය අඛණ්ඩව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ආර්ථික කටයුතු පටු දේශපාලන න්‍යාය පත්‍ර මගින් මෙහෙයවිය නොහැකි බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් පළ කිරීමෙන් විපක්ෂය වැළකී සිටිය යුතුය. 2027 අයවැය හරහා සැලකිය යුතු බදු අඩු කිරීම් හඳුන්වා දීමට නියමිතය. විශේෂයෙන්ම, එකතු කළ අගය මත බද්ද (VAT) සහ වැටුපෙන් අය කෙරෙන බද්ද (PAYE) අදියර වශයෙන් අඩු කරනු ලැබේ."