ක්‍රිකට් තහනමට මොකද වුණේ?. වෙන්න යන දෙය මෙන්න..
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ අනුව එම තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව ඒ මහතා සඳහන් කළේ ය.
මේ බව වත්තල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
මෙම තහනම ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැනවූ බව අමාත්‍යවරයා පැවසීය.
මේ මස මුල දී ශ්‍රී ලංකාවට පැමිණි ICC ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
එමෙන්ම, ICC සමඟ සාකච්ඡා ඵලදායක වූ අතර, පවතින ගැටළුව විසඳීමේ ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස සෑහීමකට පත් වූ බව පෙනී ගිය බව ද ඒ මහතා සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery
