මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනය කරන රියදුරන්ට වෙන්න යනදේ

Report

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස් ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා ජංගම පරික්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් එම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ඇතැම් බස් රථ රියදුරන් විෂ මත්ද්‍රව්‍ය වර්ග භාවිත කර බස් ධාවනය කරන බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. එය බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවට මෙන්ම මහමඟ ගැවසෙන සියලු දෙනාටම අනාරක්ෂිත තත්ත්වයකි.

ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි කරුණු විමසීමකදී ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙලෙස අදහස් දැක්වන ලදි.

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි