මෙරට එන්නත්කරණයෙන් වාර්තාවක් තබයි...මහ පාරේ දෙදෙනෙකු මරුට..
මෙරට දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ (01) දිනයේදී ලබාදී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 574,116 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදී ඇති බවය.
එහිදී පුද්ගලයින් 512,202ක් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර පුද්ගලයින් 61,914 දෙනෙකුට පළමු මාත්‍රාව ලබාදී ඇත.
මීට පෙර දෛනික වැඩිම කොවිඩ් එන්නත් ප්‍රමාණයක් අගෝස්තු මස 30 වන දින ලබාදී තිබු අතර එම සංඛ්‍යාව 571,589 කි.
පසුගිය දින 3 තුළ අඛණ්ඩව ලක්ෂ 5 ඉක්මවූ එන්නත් ප්‍රමාණයක් ලබාදීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 01 කෝටි 25 ලක්ෂ 64,209 දෙනෙකුට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට පුද්ගලයින් 85 ලක්ෂ 82,094 දෙනෙකුට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බවය.
මේ අතර ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස ප්‍රදේශයේ දී අද සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ අයෙක්.
පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථය මිරිස්ස ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, ලොරි රථය ගාල්ල ප්‍රදේශයේ සිට ගමන් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය ගිය පුද්ගලයන් අවුරුදු 47 සහ 45 වන වයස්වල පසුවන්නන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
