එන්නත ගත් තරුණ තරුණියන්ට සුබම සුබ ආංචියක්...වර්ග 03ක් විශේෂ වෙයි.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් කෝවිට් 19 එන්නත් ලබා ගන්නා තරුණ තරුණියන්ට වැඩිහිටියන්ට වඩා ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.
මේ අතර, මොඩර්නා එන්නත පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බවත් එය අනෙකුත් එන්නත් වල ප්‍රමිතියේ සමාන බවත් පර්යේෂකයන් විශ්වාස කරති.
මෙම අධ්‍යයනය මිලියන 2.5 ක අත්හදා බැලීම් වල ප්‍රතිඵල මත සිදු කරන ලද අතර එය එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ජාතික සංඛ්‍යාලේඛන කාර්‍යයංශය විසින් පවත්වන ලදී.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කළේය.
පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවට එහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ඔවුන් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.
දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 05ක කාලයක් ගත වූ පසු තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට එහිදී එකඟතාවට පැමිණි ඇති බව වාර්තා වේ.
මේ අතර කොවිඩ් මර්දන “සිනොෆාම්” එන්නතේ මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේ සිරුර තුළ කොවිඩ් මර්දන ප්‍රතිදේහ නිපදවා ඇති බව පර්යේෂණ වාර්තාවලින් තහවුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් වැනි කිසිම එන්නතකින් ඩෙල්ටා වැනි ප්‍රභේදයන් සම්පූර්ණයෙන් වළක්වන්නේ නැති වුවත් එන්නත්කරණයෙන් මරණයට පත්වීම වළක්වන බවද ඇය පැවසුවා.
සියලු එන්නත්වලින් කරනුයේ මරණයට පත්වීම මැඬ පැවැත්වීම බවත්, මෙරට ජනගහනයෙන් විශාල පිරිසකට “සිනොෆාම්” එන්නත දී තිබෙන බවයි මහාචාර්යවරිය පැවසුවේ.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 99කටම ආසාදිතව ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවත් දිනකට 50,000ක් ආසාදිතයන් එරටින් වාර්තා වුවද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය නිසා මරණ අඩු වී ඇති බවත් නිලීකා මහත්මිය පෙන්වා දෙනවා.
මෙරට එන්නත්කරණයද ඉතා ශීඝ්‍රයෙන් කර ගෙන යන බවත් එන්නත ගත්තද ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණ මතු විය හැකි වුවත් රෝහල්ගත වීමක් දක්වා දරුණු නොවන බවත් ඇය ප්‍රකාශ කළා.
සමහර පුද්ගලයින් විවිධ හේතු දක්වමින් තවමත් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම මඟ හරිමින් සිටින ආකාරය අප සමාජයේ දක්නට ලැබේ.
සමහරු මෙරට භාවිත කරන එන්නත් වර්ග ගැන විවිධ දුර්මත සමාජගත කරමින් සිවීම ඊට එක හේතුවක් බව සෞඛ්‍ය අංශවල මතයයි.
මේ වනවිට මෙරට ලෝකයේ භාවිත කෙරෙන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා වැනි කොවිඩ් මර්දන එන්නත් එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගන්නා අතර චීන නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නත ද මෙරට භාවිතය සඳහා පසුගියදා අනුමැතිය ලැබුණි.
චීන කොවිඩ් එන්නත් පිළිබඳ ව සමහරුන් තුළ ඇත්තේ සැකයකි.
නමුත් පසුගියදා මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී හඳුනාගෙන ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සයිනොෆාම් එන්නත හොඳින් ප්‍රතික්‍රියා දක්වන බවය.
එබැවින් එම එන්නත ගැන සැකයක් හෝ අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඔවුන්ගේ අදහස විය.
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ "ළඟම එන්නත හොඳම එන්නත" සේ සලකා කටයුතු කිරීම වැදගත් බවය.
උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මෙරටදී ලබාදෙමින් තිබූ එන්නත ප්‍රතික්ෂේප කළේ ෆයිසර් එන්නත පමණක් ලබාගන්නා බව පවසමින් බවය.
නමුත් එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී හෙළිවී තිබුණේ ෆ්ලවර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවය.
වෛරසය ට නිරාවරණය වුවහොත්, එන්නත ලබාගත් අයට ද කොවිඩ් ආසාදනය වීමේ හැකියාව පවතී.
නමුත් වෛද්‍යවරු පවසන්නේ එන්නත ලබාගෙන ඇත්නම් එවැනි අයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔවුන් ට කොවිඩ් සංකූලතා මතුවීම යම් දුරකට පාලනය වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
