පළමු එන්නත් මාත්‍රාවට එක් පෙදෙසකින් කිලෝමීටර් 2ක් දිග පුටු පෝලිමක්..

Covid Vaccines Piliyandala
By Aruna Jun 28, 2021 10:07 AM GMT
Report

පිළියන්දල සිද්දමුල්ල ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වන වැඩිහිටි ජනතාව වෙනුවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඊයේ දින (28) කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මූලිකත්වයෙන් සිද්දමුල්ල මද්දුම බණ්ඩාර විද්‍යාලයේ දි සිදු කෙරිණ.

මෙහි ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් 2000ක පිරිසක් එන්නත් කරණය කිරීම සිදු කල බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක විජේරත්න සඳහන් කලේය.

එන්නත් ලබා ගැනීමට පැමිනි ජනතාව කිලෝමීටර් 2ක් පමණ දිගු පෝලිමක රැඳී සිටි අතර මෙම එන්නත් කරණය වැඩ සටහන සංවිධානය කල ප්‍රදේශයේ මහජන නියෝජිතයන් විසින් එම සමස්ථ දුර සඳහා ම ආසන පනවා තිබීම කාගේත් පැසසුමට ලක්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now