මෙරට ජනතාවට තවත් එන්නතක් ගැන සුබ ආරංචියක්..

Pfizer Sri Lanka Synofarm Covid vaccines Synovacs
By Aruna Sep 17, 2021 02:50 AM GMT
Aruna

Aruna

Report

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහායි.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වනවා.

මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

මේ අතර ඊයේ දිනයේදී අලුතින් තවත් කොරෝනා රෝගීන් 2,271 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 498,693 ක්.

කෙසේ වෙතත් ඒ අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 58,287 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිත බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now