එන්නත් කාඩ්පත නැතිව එළියට යන්නේ බලාගෙනයි...කාඩ්පත නැති අයට වෙනදේ මෙන්න.
                    
                Covid
            
                    
                Italian
            
                    
                Covid vaccines card
            
            
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    දෛනිකව ඉහළ යන කොවිඩ් ආසාදිතයන් හමුවේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉතාලියේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් සහතිකය අනිවාර්ය වී ඇති බවයි සඳහන් වන්නේ.
එසේ නොමැති නම් පැය 48කට පෙර ලබාගත් වයිරසය වැළදී නොමැති බවට තහවුරු කළ PCR පරික්ෂණයක් ඉදිරිපත් කළ යුතුයි. ඉතාලි පොලිසිය එරට බස්රථ හා දුම්රිය මගීන් සතුව එන්නත් සහතික පත්‍රය තිබේද යන්න පරික්ෂා කර කාඩ්පත නොමැති අයට ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත් සඳහන්.
කාඩ්පත නොගෙන යන අයට යුරෝ 400 ක දඩයක් පැනවීමට එරට රජය කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |