එන්නතක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් තීරණයක් ගන්න යයි.

WHO Indian Covecen
By Aruna Oct 06, 2021 04:27 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාව විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත අනුමත කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, එය නිෂ්පාදනය කරන භාරත් බයෝටෙක් ආයතනයෙන් තවත් තාක්ෂණික තොරතුරු ඉල්ලා සිටීමෙන් අනතුරුව යි.

මෙම නව දත්ත විශ්ලේෂණය කරන තුරු කොවැක්සීන් කොරෝනා එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කල්දමනු ලැබුවා.

එහි විශේෂඥයින් ඉදිරි සතියේ රැස් වී එන්නතේ ප්‍රතිඵල සහ අවදානම පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව එන්නතේ හදිසි භාවිතය පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now