මෙරට දෛනික එන්නත්කරණයෙන් වාර්තාවක් තබයි..

Covid Sri Lanka Vaccines Synofarm Covizeeld
By Aruna Jul 30, 2021 02:25 AM GMT
Report

වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ (29) දිනය වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ඊයේ දිනයේ පුද්ගලයින් 418,494 දෙනෙකුට ලබාදී තිබේ.

දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා 56,738ක් ලබා දී ඇත. එමෙන්ම ෆයිසර් මාත්‍රා38,430ක් සහ මොඩර්නා මාත්‍රා 2,168ක් ද ඊයේ දිනය තුළ ලබා දී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now