ඊයේ මෙරට එන්නත් කරනයේ වාර්තාවක් තබයි.

Sri Lanka Covid vaccines
By Aruna Jul 14, 2021 03:14 AM GMT
Report

මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ (13) සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකු සඳහාත් ලබාදී තිබේ.

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now