දරුවන්ට covid එන්නත ලබාදෙන කාල වකවානුව ගැන හේමන්ත හේරත්ගෙන් ප්‍රකාශයක්
දරුවන්ට කොරෝනා එන්නත්කරණය සිදු කරන දින සහ කාල වකවානු පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක පුද්ගලයින් 19,869 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ඔහු ප්‍රකාශ කළා. බණ්ඩාරවෙල නගර සභාව මඟින් පාලනය වන ළමා නිවාසයක අවුරුදු 5ට අඩු කුඩා දරුවන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
අනතුරු ව ළමා නිවාසයේ අනෙක් දරුවන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් දරුවන් 35 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
කොළඹ වරාය නගරයේ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වනු ඇති බව කොළඹ වරාය නගර මහජන සම්බන්ධතා ප්‍රධානී කාශ්‍යප සෙනරත් පවසනවා.
රට තුළ පවතින කොරෝනා වසංගතය ඇතුළු අනෙකුත් කරුණු මත සලකා බලා මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කර ඇති බවත් රට යථා තත්ත්වයට පත් වූ පසු එහි ඉදිකිරීම් කඩිනමින් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් මුල් අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයක් ද සිදු කර තිබෙනවා.
මේ අතර,වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.
අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |