දරුවන්ට එන්නත්කරණය සිදු කරන සැලැස්ම මෙන්න..

Pfizer vaccination GMOA Anurudhdha Padheniya
By Sewvandhi Sep 15, 2021 01:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාණ්ඩ 3 ක් යටතේ දරුවන්ගේ එන්නත් කිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මෙම එන්නත්කරණ කටයුතු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන බව ඔහු සඳහන් කළේය. විශේෂඥ කමිටු වාර්තා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව සඳහන් කළේය.

"දරුවන්ට එන්නත්කරණය කාණ්ඩ 3ක් යටතේ සලකනවා. පළවෙනි එක දැනට වෙන රෝග තියෙන දරුවෝ. දෙවෙනි එක අවුරුදු 16 සිට 19 වයස් කාණ්ඩයේ දරුවෝ. අන්තිම එක අවුරුදු 12 සහ 15 වයස් කාණ්ඩය. මේ කණ්ඩායම් 3න් යම් රෝග තියෙන අයට පළමුව එන්නත් ලබාදීලා පසුව අනෙක් අයට ඒ පිළිවෙලට. මේ වනවිට ෆයිසර් එන්නත් වෙන් කරලා තියෙනවා කියලා තමයි ජනාධිපති කාර්යසාධක බළකායෙන් වාර්තා වුණේ."

------------------------------------------------

එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් - GMOA මාධ්‍ය හමුව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now