නව කොරෝනා ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ මෙන්න.(VIDEO)

Covid Corona Colombo Galle Gampaha
By Aruna May 23, 2021 06:04 AM GMT
Report

ඊයේ (22) දිනයේ දී ආසාදිතයින් 2,909ක් මෙරටින් වාර්තා වු අතර එයින් තිදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ, ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බවය.

ඒ අනුව ආසාදිතයින් 556ක් කොළඹින් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 407ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 354ක් වාර්තා වී තිබේ.

සෙසු ආසාදිතයින් 1,589 දෙනා දිස්ත්‍රික්ක 22කින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 233 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 207දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 157 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 133 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයේ 120 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස ඊයේ දිස්ත්‍රික්ක 09කින් ආසාදිතයින් සියය ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 127කි. මාවතගම, පාදුක්ක, කළුතර, මීරිගම, පානදුර දකුණ සහ ත්‍රිකුණාමලය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. දිස්ත්‍රික් 25 තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වු ආකාරය පහතින් දැක්වේ.

මේ ඇතුළු දවසේ වැඩිදුර තොරතුරු ගගන හිමිදිරිය තුලින් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery