විශ්ව විද්‍යාලයක භික්ෂූණ් වහන්සේලා 60 කට කොවිඩ්
කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්‍ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ.
මෙම තත්වය හමුවේ ‘කොවිඩ්’ ආසාදිත භික්‍ෂූන් වහන්සේ එම නේවාසිකාගාරය තුළම නිරෝධානයට ලක්කර ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ පැතිර යෑම සඳහා ආරක්‍ෂක පියිවර ගත් බවත් එම විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල භික්‍ෂූන්වහන්සේලාගේ ඉල්ලීම පරිදි සීමිත සංඛ්‍යාවකට රැදී සිටීමට මෙහිදී අවසර දුන්න ද තවත් පිරිසක් අනවසරයෙන් එහි නේවාසිකව සිට ඇති බවත් මෙම තත්වය හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාලයම අනතුරට ලක්ව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
අදාල නේවාසිකාගාරයේ භික්‍ෂූන් වහන්සේ 20 කට පමණක් රැදී සිටීම අවසර දී තිබියදී එහි 60 කට අධික පිරිසක් නේවාසිකව සිට ඇති බවත් එම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්‍ෂා කර නොමැති බවත් එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |