අද මෙරටින් වාර්ථා වූ ආසාදිතයන් ගණන

sri lanka Covid 19 Corona virua
By Sithumi Sep 19, 2021 12:06 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1297ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබේ

ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලබන මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිත බවය. එන්නත්කරණ වැඩසටහනේ වගකීම රජය භාරගෙන ඇති බැවින් පළමු එන්නත ලබාගත් කිසිවෙකුට දෙවැනි මාත්‍රාව නොමැතිව අමාරුවේ වැටීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

 මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තුව සිටින සියලුදෙනාටම අවශ්‍ය එන්නත් මේ වන විට ලැබී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවලදී අද (19) පැවති රැස්වීමකින් අනතුරුවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, "අවුරුදු 15 සිට පාසල් ළමුන්ට එන්නත් ලබාදෙනවා. 

ෆයිසර් එන්නත ලබාදෙන්නේ. රජයේ රෝහලක දී තමයි එන්නත්කරණය සිදුකරන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. කුමන දිනයේ ද ආරම්භ කරන්නේ කියන එක තව දින කිහිපයකින් තීරණය කරනවා. 

මොකද ෆයිසර් එන්නත ප්‍රවාහනය හා ගබඩා කිරීමේ දී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ලංකාව පුරාම රෝහල්වල තියෙන පහසුකම් බලලා, විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ෆයිසර් එන්නත ලබාදෙන විට. 

මේක සංවිධානය කරන්න දින කිහිපයක් ගතවෙනවා. ඉදිරි මාස කිහිපයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. හෙට උදෑසනත් අපිට යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. ඉදිරියේ දී එය වැඩිවීමට නියමිතයි. ඔක්තෝබර් 10 - 11 වෙනකොට අපිට තවත් ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඊට පස්සේ ක්‍රමානකූලව ලැබෙනවා."