අද මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1530 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,260 දෙනෙකු අද (18) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,036ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්න අද දිනයේ ,
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
අද (18) දහවල් සිට හෙට (19) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.
අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි