තවත් ආසාදිතයෙක් පලා යයි

covid isolated quarantine kilinochchiya kullupitiya
By Sewvandhi May 26, 2021 10:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පළාගොස් තිබේ.

යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර තිබුණි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියා වැසිකිළි ජනේලයෙන් පැනගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

අදාළ රැඳවියා සොයා මේ වනවිට කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ (25) දිනයේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසය.

මේ අතර කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන යමින් සිටි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ද පළා ගොස් තිබුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම කොවිඩ් ආසාදිත රැඳවියා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේදී මෙලෙස පළා ගොස් ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now