ඇගළුම් කම්හල් සේවකයින් අතර වෛරසය පැතිරි යාමට ඉඩ සැකසූ කළමනාකරුවෙකු රිමාන්ඩ්

Covid Covid news sri lanka garment covid
By Sithumi May 21, 2021 01:39 PM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවෙකු 31 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඊයේ සවස (20) නියෝග කළා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කළමනාකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ මෙම ඇඟලුම් කම්හලේ සේවකයින් 1500ක පමණ සේවය කරන අතර මැතකදි කරනු ලැබු පී.සි.ආර්. පරික්ෂණවලදි 283ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසු පළමු පෙල ආශ්‍රිතයින් 733ක් නිරෝධායනය සඳහා යොමුකල බවයි.

මෙම තත්වය මත ඇඟලුම් කම්හල දෛනිකව සේවා මුර ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර විවිධ අවස්ථාවන්හිදි නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් උපදෙස් ලබාදිම සිදු කලත් කම්හලේ කළමනාකාරු එම උපදෙස් නොතකමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින්පළමු පෙල ආශ්‍රිතයින්ගේ තොරතුරු ලබා නොදෙමින් රෝග බෝවිමට හැකි ආකාරයට කටයුතු කරන බවත් පැමිණිල්ල කියා සිටියේ.

විත්තිකරුට එරෙහිව 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥා පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now