මියගිය මව අවසන් වරට දැකගැනීමට කොවිඩ් ආසාදිත දියණියකට අවස්ථාව (VIDEO)

covid19 Bandarawela Obadaalla covd patient
By Sewvandhi Sep 17, 2021 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හදිසියේ ඇතිවූ තත්ත්වයක් මත මියගිය මව අවසන් වරට දැකගැනීමට කොවිඩ් ආසාදිතව නිරෝධායනයවෙමින් සිටි දියණියකට අවස්ථාව සලසා දීමට පසුගියදා සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.

ඒ දියණිය කොවිඩ් ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින අතරතුර ඇයගේ මව මියගොස් තිබීම හේතුවෙනි.

ඇය බණ්ඩාරවෙල ඕබඩඇල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකි. ඇය සිය ඥාති නිවසකට ගොස් සිටියදී එම නිවසේ පිරිස කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී ඇයටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණි.

ඇය එම ඥාති නිවසේම නිරෝධායනයට යොමු කර සිටියදී ඇයගේ මව වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. ඒ අනුව ඇයට මෙම සංවේදී අවස්ථාවට ඉඩ සලසාදීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ කටයුතුකර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now