කොරෝනා මළසිරුරු රැගෙන ගිය ලොරි රථයක් පෙරලෙයි..වෛද්‍යවරයෙකුත් මිය යයි..
මුලතිව් කෝකිලායි ප්‍රදේශයේදී කොවිඩ් මෘත දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත අදාළ මෘත දේහය රැගෙන යමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියැදුරා මුලතිව් රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්,ප්‍රදේශවාසීන්, පොලිස් නිළධාරීන් පැමිණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කොවිඩ් මෘත දේහය රැගෙන ගිය වාහනය නැවත යථා තත්වයට පත්කොට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව වෙනත් රියදුරෙකු යොදවා අදාළ මෘත දේහය සහිත ලොරි රථය අදාළ ආදාහනාගාරය් වෙත යවා තිබෙනවා.
අදාළ මල සිරුර මුලතිව් රෝහලේ සිට ආදාහනය කිරීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහානාගාරයක් වෙත රැඟෙන යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක වෙත විදුලි බලයෙන් මෘත දේහ අදාහනය කරන ආදාහනාගාර නොමැති වීමෙන් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ වවුනියාව, යාපනය හෝ ත්‍රිකුණාමලය දක්වා රැගෙන යාමට ප්‍රදේශවාසීන්ට සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවන්ට පත් වෙන බවයි මුලතිව් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ.
මේ අතර කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පේරදෙණිය ශික්ෂණ රෝහලේ දී ඊයේ මිය ගියා.
මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය මස 18 වැනිදායි.
එමෙන්ම වයස අවුරුදු 15ත් 19ත් අතර ළමයින් සහ වයස අවුරුදු 12ත් 19ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන ළමයින් එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම තීරණය ලබන සිකුරාදා ජාතික බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවට ඉදිරිපත් කර අවසන් අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ.
එසේ ම ඊයේ නව ආසාදිතයන් 2,314 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හාරලක්ෂ 96,423 ක් දක්වා ඉහළ ගියා.
ඊයෙ සිදු වූ නව මරණ 132ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,699ක් ලෙසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වෙන බවයි.
ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 57,470ක් වෙන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව හාරලක්ෂ 27,254ක්.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරනු ලැබූ කොරෝනා මරණ 132න් 101ක් ම අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |