ඉදිරියේදී ට්‍රිප් ගියපු,බීච් ගියපු අයට වැඩ වරදින ලකුණු...

Sri Lanka Covid death Hemantha herath Covid Case
By Aruna Oct 28, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය .

මෙලෙස මරණ ඉහළ ගියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් නිසා දැයි සොයා බලමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මරණ වැඩිවීම ගැන මේ මොහොතේ ස්ථිරව යමක් ප්‍රකාශ කිරීම කල් වැඩි බවත් කොවිඩ් මරණවල උච්චාවචනයන් සාමාන්‍යයෙන් සිදු විය හැකි බවත් ඔහු පැවසුවේය .

මේ පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බව පැවසූ හේරත් මහතා මෙම මරණ ගැන වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණයක් කර වාර්තාවක් ලබා දෙනු ඇතැයිද සඳහන් කළේය.

අප නොදැනුවත්ව රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුණා දැයි සැකයක් මතුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මේ තත්වය නිසා සෑම කෙනෙකුම දැඩි කල්පනාවෙන් සිටිය යුතු බව හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කීවේය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.