ඊයේ දිනයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

covid19 isolated colombo quarantine travel restriction
By Sewvandhi May 26, 2021 09:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19ආසාදිතයින් 1,500 ට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 1,556 දෙනෙකු එම කාලය තුළ වාර්තා වී ඇත.

ගම්පහ 588ක්, කොළඹ 522ක් සහ කළුතර 476ක් ලෙස එම ආසාදිතයින් වාර්තා වී තිබුණි. ඊයේ මෙරට දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් 2,728 දෙනෙකු වාර්තා වී තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, කැළණිය ,කොච්චිකඩේ,මිනුවන්ගොඩ, මීරීගම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණේ පාදුක්ක, බොරලැස්ගමුව, ගල්කිස්ස, අවිස්සාවේල්ල, හෝමාගම, මහරගම සහ මොරටුව යන ප්‍රදේශවලිනි.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ, මොරගහහේන සහ පානදුර උතුර යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි. ඊට අමතරව මාතර189ක්, මහනුවර 133ක්, කුරුණෑගල 121ක්, ගාල්ල 117ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන ඇත.

රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 78 දෙනා බැගින් ද, නුවරඑළිය 53ක්, ත්‍රිකුණාමලය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 43 දෙනා බැගින් ද ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

විදෙස්ගතව සිට පැමිණි 22 දෙනෙකු ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය. මෙරට සමස්ත කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 1,269ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර මෙරටට අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගැනීම සඳහා යුරෝපා රටවල තානාපති කාර්යාල සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පමණ ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery