ඉන්දියානු ප්‍රභේදයත් මෙරට ව්‍යාප්තවීමේ අවදානමක්
කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගැනීමත් සමග වෛරසය ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඉන්දියාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදය ද මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්යත සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේය. "කොවිඩ් -19 වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමගම වෛරසය පැතිරීම වේගවත් වෙලා තියෙනවා.
ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒකත් අපේ රට තුළට පැමිණීමේ අවදානම තියෙනවා.
ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර යාත්‍රා සමග අපේ ධීවරයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුළ කොවිඩ් ආසාදිතයෝ හිටියොත් අපේ රට තුළට මේ වෛරසය එන්න පුළුවන්." එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
"අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ඇති කිරීමටත් රෝගීවන පුද්ගලයින්ට අවශ්‍ය ඇඳන් ලබාදීමටත් අපි කටයුතු කරමින් යනවා. දිනකට රෝගීන් 2000ක් විතර වාර්තා වෙනකොට වහාම රෝහල්වලට ඇතුළත් කිරීමේදී යම් කාලයක් ගතවෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
