අද දිනයේත් covid මරණවල විශාල වෙනසක්
තවත් කොවිඩ් මරණ 132 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 132ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළගොස් ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 66ක් සහ පිරිමි පුද්ගලයන් 66ක් වනවා.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි අයෙක් මෙම මරණ අතරට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර මරණ 28ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 18ක් සහ කාන්තාවන් 10ක් වශයෙන්.
අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 101ක් වනවා. ඒ කාන්තාවන් 54ක් සහ පිරිමි 47ක් වශයෙන්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබේ
මේ අතර, මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ් භූමදාන කටයුතු සඳහා වෙන් කරන ලද ප්‍රදේශයේ මේ දක්වා පුද්ගලයින් 2,800කට වැඩි පිරිසකගේ දේහ භූමදානය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඒ බව පැවසීය.
කෙසේවෙතත් තවත් ප්‍රදේශ කිහිපයක් කොවිඩ් භූමදාන කටයුතු සඳහා යෝජනා වී ඇතත් ඒ සඳහා මේ වන තෙක් තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී නොමැති බවද ඔහු පැවසීය. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් සදහන් කළේ,
"අපි ඒ ස්ථානය නම් කරන්නේ ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයක් හැටියට. මේ 13වනදා දක්වා කොවිඩ් දේහ 2,802ක් භූමදානය කරලා තියෙනවා. ඉන් 2,501ක් ඉස්ලාම් ආගමිකයින්. 160ක් හින්දු භක්තිකයන්. කතෝලික 53ක් සහ බෞද්ධයන් 88ක් භූමදානය කරලා තියෙනවා. එම ස්ථානයේ තවදුරටත් ඉඩ පහසුකම් තියෙනවා. නමුත් අනෙකුත් ප්‍රදේශ ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. විකල්ප සුසාන භූමි හැටියට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් යෝජනා ඇවිත් තියෙනවා. නමුත් තාක්ෂණික කමිටුව ඇගයීමට ලක් කරලා නෑ. 2021 මාර්තු 5 සිට භූමදානය සඳහා අපි යොමුවුණේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |