ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි
covid19
municipal council
alawwa
Sandhya kumara
Kothalawala hospital
By Sewvandhi
අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (11) සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රාදේශීය සභා සභාපති සන්ධ්‍යා කුමාර මහතා එලෙස මියගොස් ඇත. තිදරු පියෙක් වන ඒ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.
ඔහුගේ පවුලේ ඥාතීන් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව අප වාර්තාකරු පැවසීය. අලව්ව ප්‍රාදේශීය සභාවට 2002 වසරේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වු ඒ මහතා 2006 වසරේ උප සභාපති ධූරයට පත්විය.
ඉන් අනතුරුව 2018 වසරේ දී තේරී පත්වු ඔහු මේ දක්වා ඔහු සභාපතිධූරයේ කටයුතු කෙරිණි. අලව්ව නගරයේ සංවර්ධන කටයුතු රැසක් ඒ මහතා විසින් සිදුකර තිබේ. සන්ධ්‍යා කුමාර මහතාගේ අවසන් කටයුතු අද (12) සිදුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |