කොරෝනා නිසා දෙමාපියන් අහිමි වූ දරුවන්ට ලැබෙන දී මෙන්න..

corona virus Covid 19 Sri lanka
By Sithumi Dec 08, 2021 02:05 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද "ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" යටතේ මෙම ශිෂ්‍යත්වය වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා පහත දැක්වෙන ආකාරයට අයදුම්පත් සකස් කර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම" ලෙස සටහන් කර; ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනය වෙත යොමුකර යුතුය.

  1. මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත 

 2. දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත

3. මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය

4. දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත්