ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිසුරු ඝාතකයෙකු කොරෝනා ආසාදිතව මිය යයි.
බූස්ස බන්ධනාගාරයේ සිට කොරෝනා අසාදිතව වැලිකඩට බන්ධනාගාරයට ගෙනා ආ, පාතාල නායක පොට්ට නෞෆර් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොහු විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසයි නමිදරා තිබුණේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා කොවිඩ් වෛරසය ආසාදනයෙන් අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
89 වැනි වියෙහි පසු වූ ඒ මහතා සිය නිවසේදීම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා විය.
ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලි මිරර් යන පුවත්පත් තුනේම එකවර කර්තෘ ධුරය එකම දරා ඇති පළමු සහ එකම කර්තෘවරයා ඔහුවේ.
ඒ මහතා කලක් "බැංකොක් පොස්ට්" පුවත්පතේද කර්තෘ ධුරය දැරීය.
එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත් දමිත ගුණරත්න මහතා ද ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණි.
ඒ, හෘදයාබාධයක් හේතුවෙනි.
ඔහුද කලක් මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
