රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයාගේ මල සිරුර මහ පාරෙන් හමුවේ..

Covid
By Aruna Aug 19, 2021 05:35 AM GMT
Aruna

Aruna

Report

 රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගය අසලින් සොයාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටී.

බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ආසාදිතයා පෙරේදා දිනයේ මෙසේ රෝහලෙන් පැන ගොස් තිබිණි.

පසුව මාදම්පේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක මියගොස් සිටියදී සොයාගත් මළ සිරුර හමුවී තිබේ.

පනස් දෙහැවිරිදි මෙම මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට බලපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha