ඩෙල්ටා ආසාදිතයන් 250-300ක් රට පුරා.. ඉතාම භයානක කොරෝනා රැල්ලක්..

Covid Corona Colombo Delta
By Aruna Jul 20, 2021 01:06 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 250-300 ක් අතර ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවට විශේෂඥයන් පෙන්වා දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොව ඉතාම අවදානම් තත්ත්වයක් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප‍්‍රභේදය මගින් ඇතිවන රැල්ල පෙර රැලි සියල්ලට වඩා ඉතා භයානක විය හැකි යැයි ද ඒ මහතා පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය විය හැකි යැයි ද ඔහු පවසා සිටියි.

මෙවන් තත්ත්වයකදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජනතාව කොරෝනා වසංගතයක් ඇත්තේදැයි නො තකමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now