පවුල් දෙකක 24ක් පොසිටිව් - 02ක් මරුට.

Covid Corona Police Hatton
By Aruna Jun 04, 2021 08:06 AM GMT
Aruna

Aruna

Report

 හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ.

මීට අමතරව තලවාකැලේ, කටුකැලේ වතුයායේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් 13 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොයෑමෙන් පවුල්වල සාමාජිකයින්ද ආසාදිතයින් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවය.

මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 795 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 350,958 කි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ 45,047 දෙනෙකුට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නත මේ දක්වා ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 891,630කි.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා 64,986 දෙනෙකුට එන්නත් කර තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2,283 දෙනෙකුට එන්නත් කළ බවය.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,881,858 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now