එන්නතක් නිසා මුළු බස්නාහිර පලාතටම රතු එළියක්..
Covid
Corona vaccine
Western province
Channa jayasumana
By Aruna
චීනයේ ආධාරයක් ලෙස මෙරටට හිමිවන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව තහවුරු කළේය.
මේ අතර බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා එන්නත ලබා දීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවය.
සෞඛ්‍ය සේවාවේ බිම් මට්ටමේ සේවකයන් විශාල අවදානමකට මුහුණ දී තිබියදී වෛද්‍යවරුන්ගේ පවුල් වල අයට පමණක් කොරෝනා එන්නත ලබාදීමට විරෝධය පළ කරන බව ද සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඒ අනුව අද දිනයේ බස්නාහිර පළාත් තුල කොරෝනා මර්ධනන රාජකාරිවලින් ඉවත් වන බව ද ඔවුන් කියා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |