අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක දවසක් - හේතුව මෙන්න

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

2023 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් මෙම නඩුව ගොනුකර ඇත.

මුළු ලංකාවම ආවරණය වන පරිදි විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවලට අද සවස 100mm ඉක්මවූ වැසි සමඟ ධාරානිපාත වර්ෂාවක්

මුළු ලංකාවම ආවරණය වන පරිදි විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවලට අද සවස 100mm ඉක්මවූ වැසි සමඟ ධාරානිපාත වර්ෂාවක්

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය සහ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.