මහින්දගේ නිල නිවසට කරන්න යන දේ දැකලා ලොක්කො රත් වෙයි - උසාවි දැම්මොත් කතා දෙකක් නෑ වෙන්නේ මේකලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටි කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස ඇතුළු ඇමතිවරුන්ට අයත්ව තිබූ නිල නිවාස කිහිපයක් සම්බන්ධයෙන් ඉකුත්දා එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති හමුවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඵහි සිටි මන්ත්‍රීවරයෙක් පවසා ඇත්තේ, "ආයෝජනවලට දෙනවා කියූ ඇමතිවරුන් හිටපු කොළඹ ගෙවල්වල දැන් මහාධිකරණ පිහිටුවන්නට යාම ගැන ද සමාජයේ කතාබහට ලක්වෙලා"යනුවෙන්.
මේ ගැන අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කියා සිටියේ ආණ්ඩුව කටින් බතල කොළ හිටවීමේ තවත් අවස්ථාවක් ලෙස මෙය නම් කළ හැකි බවයි.
" කියවන කොට කිව්වේ මේ ගෙවල් කෝටි ගණන් ආයෝජනවලට දෙනවා කියලා. දැන් ඒවා උසාවි හතරකට දීලා."
මේ අතර කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් රනිල්ට, මහින්ද හිටපු කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවසේ උසාවි දැමීමෙන් ඵ් අවට විශාල මාර්ග තදබදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව පෙන්වා දී ඇත.
ඒ පාසල් කිහිපයක්ම එහි පවතින නිසා ඒ තදබදය තවත් තීව්‍ර වන බවද දක්වමින්.
කොහොම වුණත් ඊට රනිල් දක්වා ඇත්තේ මෙවැනි පිළිතුරක්. " අටුව කඩලා පුටුව හදනවා කියලා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි"
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        